Home Home
ඝන අපද්‍රව්‍යය කළමණාකරණ පුහුණු වැඩසටහන
2009 අප්‍රේල් 10 වෙනි සිකුරාදා, 12:42

බළංගොඩ නගරසභාව හා ලර්න්ඒෂියා ආයතනයේ 3R ප‍්‍රයත්නය එක්ව ඝන අපද්‍රව්‍යය කළමණාකරණය පිළිබද උනන්දුවක් දක්වන පළාත් පාළන ආයතනයන්හි දමිළ සාමාජිකයන් සදහා දින දෙකක නේවාසික පුහුණු වැඩසටහනක් 2009 මාර්˛ මස 19 හා 20 යන දෙදින බළංගොඩ නගර සභාවේ බැංකියවත්ත කොම්පෝස්ට් මධ්‍යස්ථානයේ දී දමිළ මාධයෙන් පවත්වන ලදී.  

තව දුරටත් කියවන්න...
 
ගෙදරදිම කොම්පෝස්ට් හදමු
2009 මාර්තු 26 වෙනි බ්‍රහස්පතින්දා, 09:54

කොම්පෝස්ට් බදුනක කි‍්‍රයාකාරීත්වය අවබෝධකර ගැනීම එය මනාව පවත්වාගෙන යාමට ඉතා වැදගත් වෙනවා. මෙහිදී අප සිදු කරන්නේ පරිසරයේ සිටින කසල දිරාපත් කරන  ක්‍ෂුද්‍ර ජීවීන්ට හිතකර පරිසරයක්  කොම්පෝස්ට් බදුන් තුළ සකසා දෙමින් ඔවුන් මගින් බදුනට දමන කැළි කසළ වේගවත්ව දිරාපත් වන්නට සැලැස්වීමයි.

  • කොම්පෝස්ට් කි‍්‍රයාවලියට සුදුසුම තත්ත්වයන් මොනවාද? පද්ධතියේ ඇති අපද්‍රව්‍ය හොදින් වාතනය විය යුතුයි.  ජීර්ණ කි‍්‍රයාවලිය කිරීමට ක්‍ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය පෝෂක තිබිය යුතුයි. (කසල/ අපද්‍රව්‍ය) පෝෂකයන්ට සහ ක්‍ෂුද්‍ර ජීවීන්ට කි‍්‍රයාත්මක වීමට අවශ්‍ය පමණ තෙතමනයක් පද්ධතිය තුළ තිබිය යුතුය. (අපද්‍රව්‍ය ගොඩක් ගැසූ විට දියර නොගලන තරමට) අපද්‍රව්‍ය කුඩා කැබලි වශයෙන් තිබුණොත් ජීරණය ඉක්මන් හා පහසුයි. මිශ‍්‍රණ ආම්ලික හෝ භාෂ්මික නොවී උදාසීනව තිබිය යුතුය. කොම්පෝස්ට් බදුන වැහිපීලි යට නොතැබිය යුතුය. වැහි වතුර හෝ වෙනත් ජලය එකතු නොවන ඔබගේ ගෙවත්තේ හිරු එළිය වැටෙන උස් ස්ථායක සවි කළ යුතුය. අපද්‍රව්‍ය කොම්පෝස්ට් බදුනට එකතු කිරීමට ප‍්‍රථම වියලි පස් හා හොදින් වේලුනු දිරායන ශාඛපත‍්‍ර හෝ බදුනේ අඩියට අගල් 2 -3 ක ඝණකමට යොදන්න  ඕන. මාධ්‍යයට ක්‍ෂුද්‍ර ජීවීන් එක් කිරීමට හා ඊළගට එක් කරන තෙත ද්‍ර‍්‍රව්‍ය වල දියරමය ගතිය එළියට ගලා නොයාමට මෙය වැදගත් වෙනවා.

තව දුරටත් කියවන්න...
 
පොළිතීන්, ප්ලාස්ටික් ගිනි තැබීම මරුවාට අතවැනීමකි
2009 මාර්තු 18 වෙනි බදාදා, 10:05

පොළිතීන්, ප්ලාස්ටික්, එස්ලෝන් බට අනෙකුත් අපද්‍රව්‍ය (කැළි කසළ) සමග විවෘතව දහනය කිරීම මගින් පරිසරයට එකතුවන ඩයොක්සින් රසායනිකය පරිසරයට මෙන්ම මිනිසාට ද ඉතාමත් අහිතකර ප‍්‍රතිඵල ඇතිකරනවා. ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමේ දී ඔබ නොදැනුවත්වම  පෙනහඑ මගින් ශරීරයේ මේද වලට ඩයොක්සීන් එකතු වෙන්න පුඑවන්.

ඩයොක්සීන් වායුව සුළගත් සමග සැතපුම් සියයක් වුනත් ඈතට විහිදී යාමට සමත් වායුවක්.  ඩයොක්සින් සියුම් අංශු දුවිලි සමග එකතු වෙලා  පසට හා ජලයට එක්වෙනවා. මේවා මේදය වැඩි පැළැටිවල පත‍්‍ර මත අධිකව තැන්පත් වුනාම  එවා ආහාරයට ගන්න  සත්තුන්ගේ හා මිනිස්සුන්ගෙ ශරීරවලට ඩයොක්සීන් රසායනිකය ඇතුඑ වෙලා මේදය මත තැන්පත් වෙනවා.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 5
 

ලොගින් පෝර්මය



කවුද සබැදී සිටින්නේ?

අප සමඟ අමුත්තන් 3 ක් සබැදී සිටී

www.3rasia.org
3rlanka.org - Sinhala