සෑම ප‍්‍රාදේශීය සභාවකින්ම ස්වේච්ජා සේවකයෙකු අවශ්‍යව ඇත එහිදී  ස්ෙවිචේජා නියෝජිතයෙකු ලෙස ඔබ ඔබගේ ප‍්‍රදේශීය සභාෙවි සියඑ 3R සමිබන්ධ ක‍්‍රියාකාරකම් වාර්තාකරණයත් දැනුමි දීමත්  මහජන සහයෝගය ලබා ගැනීමත් කරනු ඇත   ඔබේ වැයමට අපේ අතහිත 0114 97 97 95

අවම කිරීම නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීකරණය (3R) යන තෙවදෑරුමි පාරිසරික සංකල්ප සමාජයේ සෑම ස්ථරයකම ක‍්‍රියාත්මක කිරීමෙන් හා (3R) පිළිබ` දැනුම හුවමාරු කිරීමෙන් ජීවත් වීමට වඩා සුදුසු පරිසරයක් සැකසීම ලර්න් ඒෂියා (3R) ප‍්‍රයත්නයේ අරමුණයි

Home
ඝන අපද්‍රව්‍යය කළමණාකරණ පුහුණු වැඩසටහන
ලියන ලද්දේ මනේකා තිලකරත්න   
2009 අප්‍රේල් 10 වෙනි සිකුරාදා, 12:42

බළංගොඩ නගරසභාව හා ලර්න්ඒෂියා ආයතනයේ 3R ප‍්‍රයත්නය එක්ව ඝන අපද්‍රව්‍යය කළමණාකරණය පිළිබද උනන්දුවක් දක්වන පළාත් පාළන ආයතනයන්හි දමිළ සාමාජිකයන් සදහා දින දෙකක නේවාසික පුහුණු වැඩසටහනක් 2009 මාර්˛ මස 19 හා 20 යන දෙදින බළංගොඩ නගර සභාවේ බැංකියවත්ත කොම්පෝස්ට් මධ්‍යස්ථානයේ දී දමිළ මාධයෙන් පවත්වන ලදී.  

තව දුරටත් කියවන්න...
 
ගෙදරදිම කොම්පෝස්ට් හදමු
ලියන ලද්දේ මනේකා තිලකරත්න   
2009 මාර්තු 26 වෙනි බ්‍රහස්පතින්දා, 09:54

කොම්පෝස්ට් බදුනක කි‍්‍රයාකාරීත්වය අවබෝධකර ගැනීම එය මනාව පවත්වාගෙන යාමට ඉතා වැදගත් වෙනවා. මෙහිදී අප සිදු කරන්නේ පරිසරයේ සිටින කසල දිරාපත් කරන  ක්‍ෂුද්‍ර ජීවීන්ට හිතකර පරිසරයක්  කොම්පෝස්ට් බදුන් තුළ සකසා දෙමින් ඔවුන් මගින් බදුනට දමන කැළි කසළ වේගවත්ව දිරාපත් වන්නට සැලැස්වීමයි.

  • කොම්පෝස්ට් කි‍්‍රයාවලියට සුදුසුම තත්ත්වයන් මොනවාද? පද්ධතියේ ඇති අපද්‍රව්‍ය හොදින් වාතනය විය යුතුයි.  ජීර්ණ කි‍්‍රයාවලිය කිරීමට ක්‍ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය පෝෂක තිබිය යුතුයි. (කසල/ අපද්‍රව්‍ය) පෝෂකයන්ට සහ ක්‍ෂුද්‍ර ජීවීන්ට කි‍්‍රයාත්මක වීමට අවශ්‍ය පමණ තෙතමනයක් පද්ධතිය තුළ තිබිය යුතුය. (අපද්‍රව්‍ය ගොඩක් ගැසූ විට දියර නොගලන තරමට) අපද්‍රව්‍ය කුඩා කැබලි වශයෙන් තිබුණොත් ජීරණය ඉක්මන් හා පහසුයි. මිශ‍්‍රණ ආම්ලික හෝ භාෂ්මික නොවී උදාසීනව තිබිය යුතුය. කොම්පෝස්ට් බදුන වැහිපීලි යට නොතැබිය යුතුය. වැහි වතුර හෝ වෙනත් ජලය එකතු නොවන ඔබගේ ගෙවත්තේ හිරු එළිය වැටෙන උස් ස්ථායක සවි කළ යුතුය. අපද්‍රව්‍ය කොම්පෝස්ට් බදුනට එකතු කිරීමට ප‍්‍රථම වියලි පස් හා හොදින් වේලුනු දිරායන ශාඛපත‍්‍ර හෝ බදුනේ අඩියට අගල් 2 -3 ක ඝණකමට යොදන්න  ඕන. මාධ්‍යයට ක්‍ෂුද්‍ර ජීවීන් එක් කිරීමට හා ඊළගට එක් කරන තෙත ද්‍ර‍්‍රව්‍ය වල දියරමය ගතිය එළියට ගලා නොයාමට මෙය වැදගත් වෙනවා.

තව දුරටත් කියවන්න...
 
පොළිතීන්, ප්ලාස්ටික් ගිනි තැබීම මරුවාට අතවැනීමකි
ලියන ලද්දේ මනේකා තිලකරත්න   
2009 මාර්තු 18 වෙනි බදාදා, 10:05

පොළිතීන්, ප්ලාස්ටික්, එස්ලෝන් බට අනෙකුත් අපද්‍රව්‍ය (කැළි කසළ) සමග විවෘතව දහනය කිරීම මගින් පරිසරයට එකතුවන ඩයොක්සින් රසායනිකය පරිසරයට මෙන්ම මිනිසාට ද ඉතාමත් අහිතකර ප‍්‍රතිඵල ඇතිකරනවා. ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමේ දී ඔබ නොදැනුවත්වම  පෙනහඑ මගින් ශරීරයේ මේද වලට ඩයොක්සීන් එකතු වෙන්න පුඑවන්.

ඩයොක්සීන් වායුව සුළගත් සමග සැතපුම් සියයක් වුනත් ඈතට විහිදී යාමට සමත් වායුවක්.  ඩයොක්සින් සියුම් අංශු දුවිලි සමග එකතු වෙලා  පසට හා ජලයට එක්වෙනවා. මේවා මේදය වැඩි පැළැටිවල පත‍්‍ර මත අධිකව තැන්පත් වුනාම  එවා ආහාරයට ගන්න  සත්තුන්ගේ හා මිනිස්සුන්ගෙ ශරීරවලට ඩයොක්සීන් රසායනිකය ඇතුඑ වෙලා මේදය මත තැන්පත් වෙනවා.

තව දුරටත් කියවන්න...
 
E කසළ කුටිය
ලියන ලද්දේ අසංක සනත්   
2009 මාර්තු 12 වෙනි බ්‍රහස්පතින්දා, 10:36

විදුජයට 3R ප‍්‍රයත්නයෙන් E කසළ කුටියක්    

ශි‍්‍ර ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට වසර 50 පිරිම නිමිත්තෙන් පැවැත්වූ විදුජය විද්‍යාත්මක ප‍්‍රදර්ශනය 2009 පෙබරවාරි 19දා සිට 23 දක්වා පුරා දින පහක් විශ්ව විද්‍යාල භූමියේ දි පැවැත්වුනි. ලර්න්ඒෂියා ආයතනයේ 3R පර්යත්නය මගින් ෑ කසළ යන මැයින් ප‍්‍රදර්ශන කුටියක් සංවිධානය කරමින් පුරා දින 5ක් පවත්වන ලදි.  ප‍්‍රදර්ශන භූමිය මහජනයාගෙන් පිරි පැවති අතර ඉන් E කසළ ප‍්‍රදර්ශන කුටිය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. මෙහි දි අප විසින් එදිනෙදා ගෙදරදොර ජනනය වන E කසළ වර්ග ප‍්‍රදර්ශනයට තැබු අතර ඉල්ලියාස් හා ග්ලයිඞ් පුද්ගලික ආයතනය E කසළ ප‍්‍රතිචකි‍්‍රය කරන පුද්ගලයන් හා ආයතනය ලෙස හදුන්වාදුන්හ. මෙහි දි E කසළ මැයින් අත් පති‍්‍රකාවක් බෙදාදුන් අතර බෙහෝ දෙනා කසළ කලමනාකරණය හා සම්බනදධ තොරතුරු හුවමාරු කරගැනිමේ ලා ඔවුනොවුගේ තෙරතුරු අප කුටිය ඉදිරියෙන් තබා තිබු 3R බදුනට දමාගොස් තිබිනි.

 
බොරැල්ලේ මහ ගින්න.......?
ලියන ලද්දේ Maneka Thilakarathne   
2009 පෙබරවාරි 05 වෙනි බ්‍රහස්පතින්දා, 12:31
බොරැල්ල  කොටා පාර පෙදෙස අද දහවල්  හිටිහැටියේ කඑ දුමකින් අදුරුව ගියේය.  ඈතට එය දිස් වුයේ මහ ගින්නක දුමක් ලෙසිනි. එහෙත් එය කසළ ගොඩක් ගිනිතැබීමෙන් හටගත්තක් බව එතැන පසුකර ගිය කාහටත් දැකගත හැකිවිය.
මහ නගර සභා බල ප‍්‍රදේශයක් තුළ  ගිනි තැබීමකට බලය ඇත්තේ කාටද? 
ෙකාළඹ අවට මෙවැනි නීති විෙරා්ධී  කටයුත්තක් වන   අවස්ථාවක පහත පුද්ගලයින් වෙත පැමිණිළි ඉදිරිපත් කළ හැකිය
එදිරිසිංහ මහතා මහජන සෞක්‍යය පරීක්ෂක    2691826                   
කේ.එචි. මුතුකුඩආරච්චි - මධ්‍යම පරිසර අධිකාරිය   - 2872605 - Fax
 
වෘත්තියෙන් ඉහළට
ලියන ලද්දේ Maneka Thilakarathne   
2009 ජනවාරි 29 වෙනි බ්‍රහස්පතින්දා, 12:14

Image තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම විසින් ඝණ අපද‍්‍රව්‍ය ක්ෂේත‍‍්‍රයේ  කම්කරු වෘත්තිකයන් සදහා ඝණ අපද්‍රව්‍ය  ක‍්‍රියාකාර සහායක ලෙස සුදුසුකම් ලබාගත හැකි ප‍්‍රමිතීන් පද්ධතියක දළ කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගෙ උපදෙස් මත සැදුම්ලත්මෙම ප‍්‍රමිතීන් පද්ධතිය වඩා පුළුල් කණ්ඩායමකගේ සහභාගීවයෙන් තවදුරටත් දියුණු කිරීම  සදහා 2009 පෙබරවාරි මස 06 වන දින රාජගිරිය මහ බැංකු ශ‍්‍රවනාගාරයේ දී  උපදේශන හමුවක් පැවැත්වුණි.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 3
 

3R පුවත්

ලොගින් පෝර්මය



කවුද සබැදී සිටින්නේ?

අප සමඟ අමුත්තන් 2 ක් සබැදී සිටී

www.3rasia.org
3rlanka.org - Sinhala